හිත්මංසල.....

විඩාබර වූ හදට විවේකී නැවතුමක්....!!

About this blog

මගෙ හිතේ වර්ණයෙන් හැඩකල මේ කවි සිත්තම....ඔබටයි...විඳින්නට...

Pages

ආදරයට ආදරයෙන්....



 හදවතේ පෙති 
එකින් එක සිඳ
තැනූ මේ රතු 
රෝස මල් මිට
සිහිනයෙන් විත් 
ඔබේ පාමුල....
තබා යන්නෙමි
නැගෙනු පෙර හිර

ලියූ සහසක්
ප්‍රේම කවි වල
''ආදරය'' 
    මිරිකලා කැටිකොට...
නුඹට තිළිණය
ලෙසින් දෙන්නෙමි

පුදන්නට වෙන
     හදක් වෙත හෙට.....



2 දෙනෙක් අදහස් දක්වලා...:

සිහිනයෙන් විත්
දෙපා පාමුල
නුඹ තබා ගිය
රතු රෝස මල් මිට..
දැනගතිමි මම
නුඹේම බව
කියවා නුඹෙ
පෙම් කව..

මේ තරම් සෙනෙහසක්
පිරූ හදවතක් ලග
ආදරයට ආදරයෙන්
ඉන්න නොහැකිනම්..
නුඹ තබා ගිය
රෝස මල් මිටේම
කටු ඇනී හදවතට
ගලා යාවී ආදරය එලියට.

 

මගේ පාමුල සිහිනයෙන් විත්
ඔබ තබා ගිය රෝස මල් මිට
නැගුනු හිරු සේ මගේ හද තුල
බලාපොරොත්තු අලුත් කල වග
කියා ගන්නට සොයා එමි ඔබ
යලිත් හිරු නැග එන්න පෙර මම..

 

Post a Comment