හිත්මංසල.....

විඩාබර වූ හදට විවේකී නැවතුමක්....!!

About this blog

මගෙ හිතේ වර්ණයෙන් හැඩකල මේ කවි සිත්තම....ඔබටයි...විඳින්නට...

Pages

සොඳුරුතම හීනය......




හිරු නොමැති අහසේ
අළුපාට වළාකුළු
   හෙමි හෙමින් පාව යයි...
  පාළුවෙන් හිත පිරෙයි..
සියොතුන්ද නිදිබරව
   ඉගිල යයි නිහඬවම...
උදෑසන ගැයූ ගී
   අමතකව ගිය ලෙසින...
මලක සුවඳක් වගේ
  වදනකින් නොකියවෙන..
නාඳුනන හැඟුමකින්
හිතද උතුරා යන සඳ
    මේ සොඳුරු හීනයේ....
ගැඹුරුතම උණුසුමට
කිමිදෙන්නට මට හිතයි
   නෙතු පියන් නොහැරම...



5 දෙනෙක් අදහස් දක්වලා...:

ලස්සනයි...........!!

 

''...මේ සොඳුරු හීනයේ
ගැඹුරුතම උණුසුමට
කිමිදෙන්නට මට හිතයි
නෙතු පියන් නොහැරම... ''

පොඩිකෙල්ල, මං අතරමං වුනා ද? මට මෙහි කලාත්මක පදපේලි වලට යටින් කිසියම් අනතුරක සෙවනැල්ලක් පෙනේ. විරහාවට යටින් මා දකින්නේ ....... ? මට මෙය කිව නොහැකියි. නමුත් මට ඔබේ සිත දැකිය හැකියි. කියවිය හැකියි. දුරු රටක තනිව ඇති නුඹ සැබවින්ම තනි වුනා නම් නොවේ මෙලොව. ජීවිතය විඳින්න... විඳවන්න එපා. හැකිවිටෙක, ඉක්මණින් මා හමුවන්න... ඔබේ සොඳුරු කවි සිතට මාද දැඩිව ආදරේ කරන බව ඔබ නොදන්නවා නොවේ යයි හඟිමි.

 

@මධුෂංකි: ස්තූතියි සොයුරිය...
@විපුල අයියා: ම්ම්....තවම ඒ තරම් දරුණු වෙලා නම් නැහැ අයියණ්ඩී...අනික මගේ ආදරණිය මවත් පියාත්..මිතුරු කැලත් සිටින කල මා තනිව යන්නේ කෙලෙසද මෙලොව..අහිමි වූ දෙය වෙනුවට දෙදිනක් නිදි වරාගෙන..''හිත්මංසල'' නමැති නිවහන තැනූයේ එබැවිනි...

 

එල. මේ තියෙන්නේ මගේ සින්හල ගැජට්ටුව... හ හා...

 

දැන් නම් හොඳා.... ආදර බර නිසදැස් ලියනවා...

 

Post a Comment