දවසේ මුල්ම වතාවට මුහුනු පොතට ආවම දැනගන්න ලැබුනේ හදවත කම්පා කරන පුවතක්..''ඉලන්දාරියා'' හෙවත් දිලුම් සොයුරා හදිස්සියේම අපි අතරින් සමුගෙන ගොසින් ඇති බව..කිසිදිනෙකවත් කතාබහ කරන්නට තරම් ඔබ සමග මා වාසනාවන්ත වී නැතද..ඔබේ නිර්මාණ හමුවෙහි මා ඔබේ හිත සියදහස් වාරයක් අසා ඇත්තෙමි..මෙවන් අකල් මරණයක් කිසිදිනෙක යළි නොවේවා සොයුර..ඔබට නිවන් සුව ලැබේවා....!!!
කිසිදාක නොමදුටුව
එකිනෙකා නෙත නොගැටි
හඬ පවා නොහඳුනන
නමුදු හදවත් දනිති
නුඹෙ වදන් පසුපසෙහි
විස්මයෙන් හඹා ගිය
මමද එක මිතුරියකි
හදිසියෙන් ඔබ වෙන්ව
ගියෙන් හදවත හඬන
සිය දහස් වාරයක්
අකුරු තුළ දුටු නුඹේ
හඬ මවාගෙන හිතින්
පතමි සොහොයුර ඉතින්
නිවන් සුව ලැබේවා
නුඹට සැනසුම දෙමින්...
2 දෙනෙක් අදහස් දක්වලා...:
ලොව සියලු දේ අනියත බව
අප සැමට පසක් කරදුන්
බුදුන් උපන් මාසයේ
වෙසක් සඳ
අහසට නැගෙන්නට පෙර
නුඹ යන්න ගිහින්
යළි නොඑන්නටම.....
කිසිදා කිසිමවිට
වතට වත හමු නොවූ......
ඒත් දැඩි සෙනෙහෙබර
මිතුරාණනි,.......
අනන්ත සසරේ
කෙදිනක හෝ යළි
හමුවෙමු සෙනෙහසින්.....
මේ දුක්බර මරණය
මරා දමමින්.......
ඉලංදාරියා අයියට නිවන් සුව පතමු. ජාති ජාතිවත් මෙවන් අකල් වියෝ නොම වෙන්න කියලා.
Post a Comment